ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි
මෙම ලිපිය කියවන්න කලින් අපි ඊයේ පල කර Google Adsense වලින් මුදල් හොයමු කියන ලිපිය කියවන්න. අපි එම ලිපියේදී සදහන් කරා ඔබ නිවරදි වැදගත් බ්ලොග් එකක් හැදුවොත් Google ඔබගේ බ්ලොග් එකට Adsense දෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා. අන්තර්ජාලය තුල නොයෙක් එක එක විදියේ ලිපි තියනවා 100%ක් සාර්ථකයි කියලා. නමුත් ඒ ක්රම තාවකාලිකයි. ඒ ක්රම භාවිතා කිරීමෙන් ඔබගේ Adsense ගිණුම පසු කාලේදී නැතිවෙන්නත් පුළුවන්. adsense sinhalen Google සමාගම කියන විදියට ඔබගේ බ්ලොග් එක සැදීම හොදටම ප්රමාණවත් Adsense ගිණුමක් පහසුවෙන් ලබාගන්න. 1. වයස Google Adsense ගිණුමක් සදාගැනිමටනම් ඔබගේ වයස අවුරුදු 18කට වඩා වැඩි විය යුතුය. 2. ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා. 3. Traffic Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන...